සැපයීම් අංශය

ප්‍රධාන කාර්යයන්

  • බස්නාහිර පළාතට අයත් සියළුම කාර්යාල සඳහා බස්නාහිර පළාත් මුදල් කුවිතාන්සි පොත් ලබා ගැනීම , නිකුත් කිරීම මෙන්ම ඊට අදාළ ලේඛන පවත්වාගෙන යාම.
  • බස්නාහිර පළාතට අයත් සියළුම කාර්යාල සඳහා පළාත් සභාවට අදාළ ආකෘති පත්‍ර ලබා ගැනීම , නිකුත් කිරීම මෙන්ම ඊට අදාළ ලේඛන පවත්වාගෙන යාම.
  • බස්නාහිර පළාතට අයත් සියළුම කාර්යාල සඳහා ලීසිං ක්‍රමයට හා ණයවර ලිපි විවෘත කර වාහන මිලදී ගැනීම.
  • පාවිච්චි කරන ලද වාහන අපහරණය කිරීමේ කටයුතු සිදු කිරීම.
  • ප්‍රධාන ලේකම්ගේ ටෙන්ඩර් මණ්ඩල කටයුතු සිදු කිරීම.
  • ටෙන්ඩර් තැන්පතු ලබා ගැනීමේ හා නිදහස් කිරීමේ කටයුතු සිදු කිරීම.
  • වාර්ෂික අයවැය ඇස්තමේන්තු සැකසීම සඳහා ඉදිරි වර්ෂයට අදාලව වියදම් ඇස්තමේන්තුව සැකසීමට අවශ්‍ය දත්තයන් ලබා ගැනීම හා ඉදිරිපත් කිරීම.
  • ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියළුම අංශ සඳහා මූලධන වත්කම් මිලදී ගැනීමේදී අදාල වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්ම සැකසීම.
  • ප්‍රසම්පාදන සැලැස්මේ සඳහන් ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම සඳහා ඇගයීම් කමිටු පත් කර ගැනීම.
  • ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියළුම අංශ සඳහා වට්ටෝරු භාණ්ඩ හා පාරිභෝගික භාණ්ඩ යෝජිත ප්‍රසම්පාදන ක්‍රමය යටතේ ප්‍රසම්පාදනය කිරීමට ප්‍රසම්පාදන තීරණ සැකසීම.
  • ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියළුම අංශ සඳහා යෝජිත ප්‍රසම්පාදන ක්‍රමය යටතේ වට්ටෝරු භාණ්ඩ හා පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම.
  • ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියළුම අංශ සඳහා මිලදී ගෙන දුන් වට්ටෝරු භාණ්ඩවල නඩත්තු කටයුතු හා සේවා කටයුතු සිදු කිරීම.

කාර්ය මණ්ඩලය

සැපයීම් අංශය තනතුර
01 ටී.ජී.එච්.එන්. තඹවිට මිය ගණකාධිකාරී ( සැපයීම් )
02 ඩී.ජී. තුෂාර රුවන් චන්දන මයා කළමනාකරණ සහකාර
03 පුබුදු රංජන් කුරුප්පුඅච්චිගේ මයා කළමනාකරණ සහකාර
04 එච්. දයාන් කණිෂ්ක පීරිස් මයා කළමනාකරණ සහකාර
05 එල්.ඒ. ශ්‍රීමතී වික්‍රමසේකර මිය කළමනාකරණ සහකාර
06 එම්.එච්.කේ.අයි. මල්වැන්න මයා කළමනාකරණ සහකාර
07 එල්. සුපුන් කාවින්ද ලියනගේ මයා කළමනාකරණ සහකාර