ගිණුම් හා ගෙවීම් දෙපාර්තමේන්තු කාර්යභාරය

  1. ප්‍රධාන ලේකම් වෙත ලැබෙන විගණන විමසුම් සඳහා පැහැදිලිකිරීම් විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.
  2. පළාත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී ලබාදෙන නියෝග සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීම.
  3. පළාත් මූල්‍ය චක්‍රලේඛ සකස් කිරීම, ඒ සඳහා ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබාගැනීම සහ මූල්‍ය චක්‍රලේඛ නිකුත් කිරීම.
  4. මාර්ගස්ථ මුදල් රක්ෂණ කටයුතු.
  5. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන කළමනාකරණ සේවා චක්‍රලේඛ, භාණ්ඩාගාර මෙහෙයුම් චක්‍රලේඛ, රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ, කළමනාකරණ විගණන චක්‍රලේඛ, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ, රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ, රාජ්‍ය මුදල් චක්‍රලේඛ හා ප්‍රසම්පාදන චක්‍රලේඛ බස්නාහිර පළාත් සභාවට අදාල කර ගැනීම.
  6. මාසික ගිණුම් සාරාංශය සකස් කිරීම.
  7. බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කිරීම.
  8. විවිධ ආයතනවල භාණ්ඩ සමීක්ෂණ කටයුතු.
  9. පළාත් ආදායම් දෙපාර්තමේන්තුව, ප්‍රධාන ලේකම් කාර්යාලය, ඉංජිනේරු කාර්‍යාංශය යන ආයතනවල දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව පත්කිරීම.
  10. සුළු මුදල් අග්‍රිම/තත්කාර්ය අතුරු අග්‍රිම සඳහා අනුමැතිය දීම.
  11. පළාත් මූල්‍ය රීති 83 යටතේ බලතල පැවරීම
  12. අක්මුදල් නිදහස් කිරීම.
  13. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය මගින් ප්‍රදානයන් ලබාගැනීම
  14. අග්‍රිම පියවීම
  15. රජයේ ආදායම් ප්‍රේෂණය කිරීම – (ජාතිය ගොඩනැගීමේ බදු,මුද්දර බදු).
  16. දෛනික ආයෝජන ස්ථාවර තැන්පත්/රිපෝ ආයෝජන.
  17. බැංකු ගිණුම් සම්බන්ධ කටයුතු(බැංකු ගිණුම් විවෘත කිරීම හා චෙක්පත් අත්සන් කිරිමට බලය පැවරීම.)