අයවැය දෙපාර්තමේන්තුව

ප්‍රධාන කාර්යයන්

  • බස්නාහිර පළාත් සභා ආයතන වෙතින් වාර්ෂික අවශ්‍යතා පිළිබඳ තොරතුරු කැඳවා ඒවා සමාලෝචනය කොට ඇස්තමේන්තු අවශ්‍යතා අදාළ ආකෘති මගින් මුදල් කොමිෂම වෙත ඉදිරිපත් කිරීම.
  • මුදල් කොමිෂම සමග අවශ්‍යතා හා ආදායම් තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කොට ප්‍රදාන නිර්දේශ ලබා ගැනීමට කටයුතු කිරීම.
  • වාර්ෂික මුදල් ප්‍රකාශ, මුදල් ප්‍රකාශ සංශෝධන, පරිපූරක ඇස්තමේන්තු හා ඊට අදාළ විසර්ජන ප්‍රඥප්ති සකස් කර ගරු පළාත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය, ගරු ආණ්ඩුකාරතුමාගේ නිර්දේශ මත සභාවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කිරීම.
  • පළාත් මුදල් අමාත්‍යවරයා වෙත වොරන්ට් බලපත්‍රය ඉදිරිපත් කර වියදම් සඳහා අධිකාරි බලය ලබා ගැනීම.
  • කාර්යාලයීය අවශ්‍යතා සලකා ඇස්තමේන්තු ප්‍රතිපාදනවල අවශ්‍ය සංශෝධන සඳහා වීරමොං පරිපාටිය අනුව කටයුතු කිරීම.
  • අත්තිකාරම් සීමා සංශෝධන සඳහා සභා අනුමැතිය ලබා ගැනීම.
  • අත්‍යවශ්‍ය, හදිසි හා අනපේක්ෂිත අවස්ථාවලදී කාර්යාල වෙත අවශ්‍ය වියදම් දැරීම සඳහා විවිධ සේවා ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන සලසා දීම.

කාර්ය මණ්ඩලය

අයවැය අංශය තනතුර
01 එම්.එස්. පතිරත්න මිය අධ්‍යක්ෂ ( අයවැය )
02 දිනේත්‍රා කාවින්දි මුණසිංහ මෙය කළමනාකරණ සහකාර
03 එච්.ඩී. රසංගිකා ගුණසේකර මිය කළමනාකරණ සහකාර
04 ආර්.ඒ. වසන්ත කුමාර මයා කළමනාකරණ සහකාර
05 ඩී.එම්. කමනි දිල්රුක්ෂි දිසානායක මිය කළමනාකරණ සහකාර
06 ධනූෂි එරන්දිකා එදිරිතිලක මිය කළමනාකරණ සහකාර
07 එම්.එල්. ඉරෝෂා දමයන්ති පින්තු මෙය කළමනාකරණ සහකාර